ශ්රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් ඩී. එම්. සලාහුදීන් මහමුද් මහතා සහ අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අතර හමුවක් ඔක්තෝබර් 14 වැනිදා අරලියගහ මන්දිරයේදී පැවැත්වී තිබේ.
එහිදී ශ්රී ලංකාව සහ බංග්ලාදේශය අතර පවතින දිගුකාලීන සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව අදහස් හුවමාරු කරගෙන ඇති අතර, ශ්රී ලංකා රජයෙන් බංග්ලාදේශයට ලබාදුන් සහයෝගය සම්බන්ධයෙන් මහ කොමසාරිස්වරයා සිය කෘතඥතාව පළ කර ඇත.
දෙරට අතර ද්විපාර්ශ්වික වෙළෙඳ හා ආයෝජන සබඳතා පුළුල් කිරීමේ අවස්ථා පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමු වී තිබේ. එසේම කෘෂිකාර්මික ක්ෂේත්රයේ සහයෝගීතාව වැඩිදියුණු කිරීම, පුනර්ජනනීය බලශක්තිය සහ ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් ද දෙපාර්ශ්වය සාකච්ඡා කර ඇත.
දෙරටේ සංවර්ධන ප්රමුඛතා ඉදිරියට ගෙන යමින්, දෙපාර්ශ්වයටම වැදගත් ක්ෂේත්රවල සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීම මෙම සාකච්ඡාවේ ප්රධාන අරමුණ වී තිබේ.
මෙම අවස්ථාවට බංග්ලාදේශ මහ කොමසාරිස් කාර්යාලයේ උපදේශකවරුන් වන Samapan Barua සහ එම්.ඩී. Jannatul Habib යන මහත්වරුන්, අග්රාමාත්ය ලේකම් ප්රදීප් සපුතන්ත්රි මහතා, අග්රාමාත්ය අතිරේක ලේකම් සගරිකා බෝගහවත්ත මහත්මිය ඇතුළු විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්යාංශයේ නිලධාරීහු සහභාගී වූහ.
















