2026 ඔක්තෝබර් 15 වැනිදා රාත්රියේ අහුංගල්ල පොලිස් වසමේ අහුංගල්ල හන්දියේදී අයිස් මත්ද්රව්ය ග්රෑම් 186ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අහුංගල්ල පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් පිරිසක් මාර්ග බාධක රාජකාරියේ නිරතව සිටියදී සැකකටයුතු ත්රිරෝද රථයක් නවතා පරීක්ෂා කර ඇත. එහිදී එම රථයේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකු සන්තකයේ තිබී අයිස් මත්ද්රව්ය සොයාගෙන ඇති බව සඳහන් වේ.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 31ක් වන යක්කල ප්රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු වැඩිදුර විමර්ශන සඳහා අහුංගල්ල පොලිස් ස්ථානය වෙත භාරදී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් අහුංගල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
















