යාපනයේ වඩමරච්චි, අම්මාන් ප්රදේශයේ ස්ථාන තුනකට අකුණු සැර වැදීමෙන් පුද්ගලයින් සිව්දෙනෙකු තුවාල ලබා ඇති අතර නිවාස දෙකකට ගිනි ඇවිළී තිබේ.
මෙම සිදුවීම ඔක්තෝබර් 14 වැනිදා සිදුව ඇති බව වාර්තා වේ. තුවාල ලැබූ සිව්දෙනා අතරින් 50 හැවිරිදි මයිල්වාහනම් ජයන්ති මලර් නමැති කාන්තාවගේ තත්ත්වය බරපතළ වීම හේතුවෙන් ඇය පේදුරුතුඩුව රෝහලට ඇතුළත් කර තිබේ.
අනෙක් තිදෙනාට සාමාන්ය තුවාල සිදුව ඇති අතර ඔවුන්ට ප්රථමාධාර ලබාදී ඇති බව සඳහන් වේ.
දැඩි වර්ෂාව මධ්යයේ ඇති වූ අකුණු හේතුවෙන් නිවාස දෙකකට ගිනි ඇවිළී ඇති අතර තවත් නිවාස තුනක ගෘහ භාණ්ඩ සම්පූර්ණයෙන්ම පිළිස්සී ගොස් ඇති බව වාර්තාවේ දැක්වේ.
සිද්ධිය සම්බන්ධයෙන් මරදන්කේණි පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.














