ෆේස්බුක් ඔස්සේ වාහන විකිණීම සඳහා දැන්වීම් පළ කර දෙන බව පවසා පුද්ගලයන්ගෙන් මුදල් ලබාගෙන වංචා කළ බවට සැක කෙරෙන 21 හැවිරිදි පුද්ගලයකු හෝමාගම, මාවත්ගම ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
පෙරේදා (14) මධ්යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. ඔහු හෝමාගම ප්රදේශයේ පදිංචිකරුවකු බව සඳහන්ය.
පොලිසිය පවසන පරිදි, සැකකරු ෆේස්බුක් ව්යාපාරික ගිණුමක් ඔස්සේ වාහන විකිණීම සඳහා දැන්වීම් පළ කර දෙන බව පවසා මුදල් ලබාගෙන ඇත. ඒ අනුව සතියකට රුපියල් 5,000ක්, සති දෙකකට රුපියල් 10,000ක් සහ මාසයකට රුපියල් 15,000ක් ලෙස මුදල් අය කරගෙන, පොරොන්දු වූ දැන්වීම් පළ නොකර මුදල් වංචා කළ බවට චෝදනා එල්ල වී තිබේ.
සාපරාධී සාවද්ය පරිහරණය, විශ්වාසය කඩ කිරීම සහ අන් අයකු ලෙස පෙනී සිටිමින් මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් සැකකරුට එරෙහිව වැඩිදුර විමර්ශන ක්රියාත්මක බව මධ්යම අපරාධ විමර්ශන කාර්යාංශය සඳහන් කරයි.














