මොරටුව රාවතාවත්ත ප්රදේශයේ පදිංචි කාන්තාවකගේ ATM කාඩ්පතක් භාවිතා කර මුදල් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකාරියක් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහය පතයි.
ඉකුත් 2025 සැප්තැම්බර් 26 වන දින කොහුවල පොලිස් ස්ථානය වෙත ලද පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනවලදී, අදාළ කාන්තාව විසින් කොහුවල මහජන බැංකුවේ ATM යන්ත්රයෙන් මෙම මුදල් ලබාගෙන ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත. එම ATM යන්ත්රයේ CCTV දර්ශන මඟින් ලබාගත් ඡායාරූප අනුව මෙම සැකකාරිය සොයන අතර, ඇය පිළිබඳ යම් තොරතුරක් වෙතොත් පහත දුරකථන අංක වෙත දැනුම්දෙන ලෙස පොලිස් මාධ්ය කොට්ඨාසය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
විමර්ශන අංශ සම්බන්ධතා:
ස්ථානාධිපති (කොහුවල) – 071 8591669
පොලිස් ස්ථානය (කොහුවල) – 011 2853929














