මැදපෙරදිග කලාපයේ පවතින ආරක්ෂක තත්ත්වය හේතුවෙන් කොළඹ සිට සෞදි අරාබියේ දම්මාම් සහ රියාද් දක්වා ක්රියාත්මක සියලු ගුවන් ගමන් අත්හිටුවීම ඔක්තෝබර් 24 වැනිදා දක්වා දීර්ඝ කිරීමට ශ්රීලන්කන් ගුවන් සේවය තීරණය කර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් ගුවන් සේවය සඳහන් කර ඇත්තේ මගීන්ගේ සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සිය ප්රමුඛතම කාර්යය බවයි.
වාණිජ ගුවන් ගමන් ක්රියාත්මක කිරීමට සුදුසු ආරක්ෂිත තත්ත්වයක් පවතින බව තහවුරු කරගැනීමෙන් පසු අදාළ ගුවන් ගමන් යළි ආරම්භ කරන බවද එම නිවේදනයේ සඳහන් වේ.
ගුවන් ගමන් සම්බන්ධ වැඩිදුර තොරතුරු ලබාගැනීම සඳහා ශ්රී ලංකාව තුළ සිටින මගීන්ට 1979 අංකයත්, විදේශයන්හි සිටින මගීන්ට +94 11 777 1979 අංකයත් ඇමතිය හැකිය.
එසේම WhatsApp ඔස්සේ +94 74 444 1979 අංකයට පණිවිඩයක් යොමු කිරීමෙන්ද තොරතුරු ලබාගත හැකිය.














