පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා විරෝධතාවයේ නිරත මහා සංඝරත්නය සහ පිරිස, කොළඹට පතිත වන දැඩි සන්ධ්යා කාලයේ වැසි මැද වුවද විහාරමහා දේව උද්යානයේ රැඳී සිටිමින් පිරිත් සජ්ඣායනා කිරීමෙහි නිරතව සිටිති.
ජනාධිපති ලේකම් කාර්යාලය අසල විරෝධතා පැවැත්වීම තහනම් කරමින් නිකුත් කෙරුණු අධිකරණ නියෝගයකින් පසු මෙම පිරිස උද්යානය වෙත පැමිණි අතර, බුද්ධශාලන අමාත්යාංශයේ පැවති සාකච්ඡාවකින් අනතුරුවද ඥානසාර හිමියන්ගේ නිදහස් කිරීම සම්බන්ධයෙන් නිශ්චිත විසඳුමක් ලැබෙන තෙක් ගස් යට සහ තාවකාලික ආවරණ යට රැඳී සිටිමින් විරෝධතාව අඛණ්ඩව පවත්වාගෙන යන බව උන්වහන්සේ ප්රකාශ කර ඇත.














