මධ්යම ආසියාතික රටවල් වන ටජිකිස්තානය සහ ටර්කිමෙනිස්තානය, ඉන්දියාවේ ආරක්ෂක පර්යේෂණ සහ සංවර්ධන සංවිධානය (DRDO) විසින් දේශීයව නිෂ්පාදනය කරනු ලැබූ ‘ආකාශ්’ ගුවන් ආරක්ෂණ මිසයිල පද්ධති මිලදී ගෙන ඇති බව විදෙස් මාධ්ය වාර්තා කරයි.
ඉන්දියාවේ ආරක්ෂක ලේකම් රාජේෂ් කුමාර් සිං සඳහන් කර ඇත්තේ මධ්යම ආසියාතික රාජ්යයක් වන ආර්මේනියාව ද මීට පෙර ආකාශ් මිසයිල බැටරි මිලදී ගත් බවය. ඉන්දියාවේ ආකාශ් මිසයිල පද්ධති නිෂ්පාදන කටයුතු මේ වන විට ස්ථාවර වී ඇති බවත්, ලොව තවත් රටවල් රැසකින් ඇණවුම් ලැබෙනු ඇතැයි විශ්වාසය පළ කරන බවත් ඔහු ප්රකාශ කර ඇත. සිය සැපයුම්කරුවන් විවිධාංගීකරණය කරමින් සිටින මධ්යම ආසියාතික රටවල හමුදා රැසක් රුසියාවට අමතරව මෑතකාලීනව චීනය, තුර්කිය සහ බටහිර රටවලින් ද හමුදා උපකරණ මිලදී ගැනීම් සිදු කරන අතර, සතුරු ගුවන් යානා, හෙළිකොප්ටර්, ඩ්රෝන යානා සහ කෘෘස් මිසයිල එකවර හඳුනාගෙන විනාශ කිරීමේ හැකියාව මෙම ආකාශ් මිසයිල පද්ධති සතුව පවතී.














