රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්රික්ක ඒකාබද්ධ කරමින් පරිසර හිතකාමී සංචාරක ව්යාපාරය (Ecotourism) ප්රවර්ධනය කිරීමේ අරමුණින් ‘සදාහරිත මිහිදුම් සංචාරක කලාපය’ (Southern Mist Triangle) සංවර්ධනය කිරීමට රජය පියවර ගෙන තිබේ.
මෙම සංචාරක කලාපයට අදාළ උපායමාර්ගික සංවර්ධන සැලැස්ම සකස් කිරීම වෙනුවෙන් දෙදින වැඩමුළුවක් පසුගිය 15 සහ 16 යන දෙදින උඩවලව සෙන්චූරියා වයිල්ඩ් හෝටලයේදී පැවැත්වුණු අතර, සංචාරක අමාත්යාංශය විසින් එය සංවිධානය කර තිබිණි. සිංහරාජය, කන්නෙලිය සහ හිනිදුම යන ප්රදේශ ඒකාබද්ධ කරමින් ක්රියාත්මක වන මෙම ව්යාපෘතිය හරහා දේශීය ආහාර, වෛද්ය ක්රම සහ සංස්කෘතික උරුමයන් කේන්ද්ර කරගත් සංචාරක අත්දැකීම් සංවර්ධනය කිරීමටත්, වාර්ෂිකව සංචාරකයන් මිලියන 4ක් ගෙන්වා ගනිමින් ඩොලර් බිලියන 8ක ආදායමක් උපයා ගැනීමේ රජයේ අපේක්ෂාව සාක්ෂාත් කර ගැනීමටත් අපේක්ෂා කෙරේ.














