ඩිජිටල් ගෙවීම් ක්රමවේද අවභාවිත කරමින් සිදුවන සයිබර් මූල්ය වංචා හේතුවෙන් පාකිස්තානය දැඩි අර්බුදයකට මුහුණදී සිටින බව විදෙස් මාධ්ය වාර්තා කරයි.
ජාත්යන්තර මූල්ය අරමුදල, ලෝක බැංකු සමූහය සහ තායිලන්ත මහ බැංකුව ඒකාබද්ධව නිකුත් කළ නව වාර්තාවකට අනුව, මෙම සයිබර් වංචා නිසා පාකිස්තානයට සිදුවන ආර්ථික අලාභය එරට දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) සියයට 2.5ක් තරම් ඉහළ අගයක් ගනී. ගෝලීය සාමාන්යය වන සියයට 0.45ක මට්ටම සමඟ සසඳන විට මෙය ඉතා ඉහළ අගයක් වන අතර, ගෝලීය වශයෙන් වැඩිම මූල්ය වංචා අලාභයන් වාර්තා වන ආසියානු කලාපයේ ප්රමුඛතාව ද මේ වන විට පාකිස්තානයට හිමිව තිබේ.














