ඉන්දියාවේදී පැවති 5 වන ප්රවීණයන්ගේ ක්රීඩා හා මලල ක්රීඩා ජාතික ශූරතාවලියේදී (5th Veteran Sports and Games National Championship) විශිෂ්ට දස්ක්කම් දැක්වූ ශ්රී ලංකා යුද හමුදා කාලතුවක්කු රෙජිමේන්තුවේ කර්නල් ඩබ්ලිව්.ඒ.ඒ.පී. ගුණතිලක මහතා රන් පදක්කම් 5ක් දිනා ගැනීමට සමත්ව තිබේ.
ඔක්තෝබර් 07 සිට 12 දක්වා ඉන්දියාවේදී පැවති මෙම තරගාවලියේදී වයස අවුරුදු 50 – 54 කාණ්ඩය යටතේ තරග වැදුණු ඔහු, මීටර් 100, මීටර් 200 සහ මීටර් 400 ධාවන ඉසව්වලින් මෙන්ම, මීටර් 4 × 100 සහාය දිවීමේ ඉසව්වෙන් සහ මිශ්ර මීටර් 4 × 100 සහාය දිවීමේ ඉසව්වෙන්ද පළමු ස්ථාන දිනා ගනිමින් මෙම රන් පදක්කම් 5 හිමිකර ගත්තේය. ජාත්යන්තර ක්රීඩා පිටිය තුළ ශ්රී ලංකා යුද හමුදාවේ මලල ක්රීඩා කුසලතාව සහ අධිෂ්ඨානය යළිත් තහවුරු කරමින් ඔහු මෙම ජයග්රහණය අත්කරගෙන ඇත.














