Claude කෘත්රිම බුද්ධි (AI) පද්ධතියේ නිර්මාතෘ Anthropic සමාගම, කැනඩාවේ සිය පළමු දත්ත මධ්යස්ථාන ගිවිසුමට එළඹ තිබේ.
Reuters වාර්තාවට අනුව, කැනඩාවේ Nova Scotia ප්රාන්තයේ Point Tupper ප්රදේශයේ දත්ත මධ්යස්ථාන ධාරිතාව ලබාගැනීම සඳහා Anthropic සමාගම EverWind සමාගම සමඟ බදු ගිවිසුමකට අත්සන් කර ඇත.
මේ අතර, දත්ත මධ්යස්ථාන පරිශ්රයක් සහ සුළං බලශක්ති ව්යාපෘති සඳහා කැනේඩියානු ඩොලර් බිලියන 10කට වැඩි මුදලක් ආයෝජනය කිරීමට සැලසුම් කර ඇති බව EverWind සමාගම නිවේදනය කර තිබේ. එම ආයෝජනය Nova Scotia ප්රාන්තයේ ඉතිහාසයේ පෞද්ගලික අංශයෙන් සිදුකරන විශාලතම ආයෝජනය වනු ඇති බව සමාගම පවසයි.
දත්ත මධ්යස්ථානවල ඉහළ විදුලි හා ජල පරිභෝජනය සහ ප්රාදේශීය යටිතල පහසුකම් මත ඇතිවන පීඩනය සම්බන්ධයෙන් විවේචන එල්ල වී තිබේ. Anthropic සමාගමේ කැනඩා රාජ්ය ප්රතිපත්ති ප්රධානී Jacob Glick සඳහන් කර ඇත්තේ, විදුලි පාරිභෝගිකයන්ගේ වියදම් සහ ජල සම්පත් ආරක්ෂා කරමින් ප්රාදේශීය ප්රජාවන්ටද ප්රතිලාභ සැලසීමට සමාගම කටයුතු කරන බවයි.
Reuters වාර්තාවට අනුව, Anthropic සමාගම 2025 වසරේ පරිගණක හා යටිතල පහසුකම් සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන 7.33ක් වැය කර ඇති අතර, එය 2024 වසරට සාපේක්ෂව තුන් ගුණයක වැඩිවීමකි.
















