සීතා ඔයේ සැඩ පහරට හසුව ගසාගෙන ගොස් අතුරුදන්ව සිටි 43 හැවිරිදි තිදරු මවකගේ මළ සිරුර සොයාගෙන තිබේ.
ඌව පරණගම, තෙල්හවඩිගම ප්රදේශයේ පදිංචි මෙම කාන්තාවගේ සිරුර ඔක්තෝබර් 15 වැනිදා උදෑසන ඌව පරණගම, දරගල ප්රදේශයේ තිබියදී සොයාගත් බව කැප්පෙටිපොළ පොලිසිය පවසයි.
සිද්ධිය සිදුව ඇත්තේ ඔක්තෝබර් 14 වැනිදා සවසයි. සිල්මියාපුර ප්රදේශයේ වගාබිම්වල කුලී වැඩෙහි නිරත වූ පිරිසක් වැඩ අවසන් කර නිවෙස් බලා යමින් සිටියදී කෙටි මාර්ගයක් ලෙස සීතා ඔය හරහා ගමන් කර තිබේ. එහිදී අදාළ කාන්තාව ඔයේ සැඩ පහරට හසුව ගසාගෙන ගොස් ඇත.
මරණ පරීක්ෂණය හදිසි මරණ පරීක්ෂක වසන්ත කරුණාරත්න මහතා විසින් සිදුකර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් කැප්පෙටිපොළ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
















