අනුරාධපුර දිස්ත්රික්කයේ පරංගියාවාඩිය මහ වැව ඉස්මත්තේදී වන අලියෙකු මියගොස් තිබේ.
ඔක්තෝබර් 14 වැනිදා සවස මියගොස් සිටි මෙම වන අලියා වයස අවුරුදු 25ත් 30ත් අතර පසුවන්නෙකු බව වාර්තා වේ.
පොලිසියට ලැබුණු තොරතුරකට අනුව හොරොව්පොතාන පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් තිබේ. ඒ වන විටත් අවට වන අලි සිටි බැවින් මියගිය අලියා සිටි ස්ථානයට ළඟාවීමට පොලිසියට දැඩි පරිශ්රමයක් දැරීමට සිදුව ඇති බව සඳහන් වේ.
ප්රදේශවාසීන් පවසා ඇත්තේ පරංගියාවාඩිය අංක 149 ග්රාම නිලධාරී වසමේ මහ වැව ඉස්මත්තේ මෙම වන අලියා දින කිහිපයක් තිස්සේ අසනීප තත්ත්වයෙන් සිටි බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් හොරොව්පොතාන පොලිසිය වනජීවී නිලධාරීන් දැනුවත් කර තිබේ. වන අලියාගේ මරණයට හේතුව තහවුරු කිරීම සඳහා පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකිරීමට නියමිතය.
















