ඓතිහාසික මිහින්තලා මිහිඳු මහ සෑයේ අභිනව කොත් වහන්සේ නිරාවරණය කිරීම සහ චූඩා මාණික්යය පැළඳවීම අද (18) පස්වරු 1ට යෙදෙන සුබ මොහොතින් සිදුකිරීමට නියමිතය. මිහිඳු මහරහතන් වහන්සේගේ පරිනිර්වාණය සිදුවී වසර 2,286ක් සපිරීම නිමිත්තෙන් මෙම පුණ්ය කටයුත්ත සංවිධානය කර තිබේ.
තායිලන්තයේ නියෝජ්ය අගමැතිනිය ඇතුළු එරට සැදැහැවතුන්ගේ ධන පරිත්යාගයෙන් මෙරටට පූජා කළ කොත් වහන්සේ සහ චූඩා මාණික්යයේ වටිනාකම රුපියල් ලක්ෂ 1,170 ඉක්මවන බව සඳහන් වේ. ශ්රී ලංකාවේ තායිලන්ත තානාපතිවරයා විසින් මෙම පූජා භාණ්ඩ මිහින්තලා රජමහා විහාරාධිපති ආචාර්ය පූජ්ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් වෙත නිල වශයෙන් භාරදෙනු ලැබීය.
මෙම පුණ්ය කටයුත්තට අදාළ කොත් වහන්සේ සහ චූඩා මාණික්යය මිහින්තලයට වැඩම කරවීමට පෙර කඩවත රන්මුතුගල රජමහා විහාරය, කුරුණෑගල ඇත්කඳ රජමහා විහාරය සහ ගලේවෙල ධර්මදූත බෞද්ධ මධ්යස්ථානය ඇතුළු ස්ථාන කිහිපයකදී සැදැහැවතුන්ට වන්දනාමාන කිරීමට අවස්ථාව සලසා තිබුණි. අද පැවැත්වෙන නිරාවරණ සහ පැළඳවීමේ පුණ්ය කටයුත්ත ත්රෛනිකායික නාහිමිවරුන්ගේ ප්රධානත්වයෙන් සිදුකිරීමට නියමිතය.














