ලබන වසරේදී 2 සහ 6 ශ්රේණි සඳහා නව විෂයමාලා හඳුන්වා දීමට පියවර ගන්නා බව අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පවසයි. අද (18) බදුල්ල දිස්ත්රික් කාන්තා සමුළුවට එක්වෙමින් ඇය සඳහන් කළේ මෙම වසරේදී පළමු ශ්රේණිය සඳහා නව විෂයමාලාවක් හඳුන්වා දුන් බවයි.
දරුවන් විභාගවලට පමණක් සීමා නොවී, අනාගත අභියෝගවලට සාර්ථකව මුහුණ දිය හැකි පරපුරක් බවට පත් කිරීම රජයේ අරමුණ බවද අග්රාමාත්යවරිය පැවසුවාය. ඒ සඳහා සියලු දරුවන්ගේ අනාගතය සුරක්ෂිත වන අයුරින් නව අධ්යාපන ක්රමවේදයක් සකස් කර ඇති බවද ඇය සඳහන් කළාය.
මේ අතර, ගුරුවරුන් 17,000ක් බඳවා ගැනීම සඳහා නොවැම්බර් 20 වැනිදා සිට සම්මුඛ පරීක්ෂණ ආරම්භ කරන බවත්, විශ්වවිද්යාල පද්ධතියට ආචාර්යවරුන් 2,000ක් බඳවා ගැනීමට අනුමැතිය ලබාදී ඇති බවත් අග්රාමාත්යවරිය අනාවරණය කළාය. ලබන වසරේ පෙබරවාරි මාසය වන විට සමස්ත අධ්යාපන පද්ධතියට නව ගුරුවරුන් 30,000ක් පමණ බඳවා ගැනීමට සැලසුම් කර ඇති අතර, පාසල් යටිතල පහසුකම් සංවර්ධනය සඳහාද විශේෂ වැඩපිළිවෙළක් ක්රියාත්මක කරන බව ඇය වැඩිදුරටත් පැවසුවාය.














