දිවයින පුරා ඊයේ (17) සිදුවූ හදිසි විදුලි බිඳවැටීමත් සමඟ අක්රිය වූ නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරයේ ඒකක තුනම මෙතෙක් යථා තත්ත්වයට පත්කර නොමැති බව එහි පාලනාධිකාරිය සඳහන් කරයි. මේ හේතුවෙන් ඉදිරි දින කිහිපයේදී විදුලි නිෂ්පාදනයට බාධා එල්ල විය හැකි බව බලශක්ති විශේෂඥයෝ පෙන්වා දෙති.
ඊයේ සිදුවූ විදුලි බිඳවැටීම හේතුවෙන් දිවයිනේ ප්රදේශ රැසක පැය හතකට ආසන්න කාලයක් විදුලි සැපයුම ඇණහිටි අතර, ඊයේ රාත්රිය වනවිට සැපයුම සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත්කිරීමට හැකි විය. ඉහළ කොත්මලේ බලාගාරයේ සිදුවූ බිඳවැටීමක් මෙම තත්ත්වයට හේතු වන්නට ඇතැයි බලශක්ති අමාත්ය අනුර කරුණාතිලක ප්රකාශ කළ ද, විදුලි බිඳවැටීමට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
මෙම විදුලි බිඳවැටීම හේතුවෙන් ජනතාවගේ දෛනික කටයුතුවලට මෙන්ම ව්යාපාරික කටයුතුවලට ද බලපෑම් එල්ල වූ අතර, ඇතැම් ප්රදේශවල ඉන්ධන පෝලිම් ද දක්නට ලැබිණි. නොරොච්චෝලේ බලාගාරයේ ඒකක තුනම යථා තත්ත්වයට පත්කිරීමට ගතවන කාලය පිළිබඳව මෙතෙක් නිශ්චිත තොරතුරක් වාර්තා වී නොමැත.














