රාමඤ්ඤ මහා නිකායේ අනුනායක, මහනුවර ගැටඹේ ශ්රී රාජෝපවනාරාමාධිපති අතිපූජ්ය කැප්පෙටියාගොඩ සිරි විමල නාහිමියෝ අද (18) පෙරවරුවේ අපවත් වී තිබේ. අපවත් වන විට උන්වහන්සේ 95 වැනි වියේ පසුවූහ.
රෝගාතුරව සිටි නාහිමියන් මහනුවර පෞද්ගලික රෝහලක ප්රතිකාර ලබමින් සිටියදී මෙලෙස අපවත් වී ඇති බව වාර්තා වේ. උන්වහන්සේගේ අපවත්වීම පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතෙක් වාර්තා වී නොමැත.
රාමඤ්ඤ මහා නිකායේ අනුනායක ධුරය හෙබවූ උන්වහන්සේ ගැටඹේ ශ්රී රාජෝපවනාරාම විහාරස්ථානයේ අධිපති හිමියන් ලෙසද කටයුතු කළහ. උන්වහන්සේගේ ආදාහන පූජෝත්සවය පිළිබඳ තොරතුරු ඉදිරියේදී දැනුම් දීමට නියමිතය.














