ජපානයේ සිටින බව කියන ප්රබල මත්ද්රව්ය හා සංවිධානාත්මක අපරාධකරුවකු වන ‘ශම්මි’ නමැත්තාට අයත් බවට සැක කෙරෙන රුපියල් ලක්ෂ 6කට ආසන්න වටිනාකමකින් යුත් කොකේන් තොගයක් සමඟ සංගීත ශිල්පියකු අත්අඩංගුවට ගත් බව කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය පවසයි. ගනේමුල්ල ප්රදේශයේ පදිංචි 33 හැවිරිදි සැකකරු උස්වැටකෙයියාව ප්රදේශයේ නිවාස සංකීර්ණයකදී අත්අඩංගුවට ගෙන තිබේ.
රාත්රී සමාජ ශාලා සහ ප්රිය සම්භාෂණ සඳහා සංගීත ශිල්පියකු මාර්ගයෙන් මත්ද්රව්ය සැපයෙන බවට ලද තොරතුරක් මත සිදුකළ විමර්ශනයකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත. සංගීත ශිල්පියකු ලෙස පෙනී සිටිමින් සැකකරු මත්ද්රව්ය ජාවාරමේ නිරතව සිටි බවට විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි පොලිසිය සඳහන් කරයි.
සැකකරු උස්වැටකෙයියාව ප්රදේශයේ නිවාස සංකීර්ණයක රුපියල් ලක්ෂ 2ක මාසික කුලියටත්, අතුරුගිරිය ප්රදේශයේ තට්ටු නිවාසයක රුපියල් 175,000ක මාසික කුලියටත් පදිංචිව සිට ඇති බව පොලිසිය පවසයි. අත්අඩංගුවට ගත් සැකකරු පමුණුගම පොලිසියට භාරදී ඇති අතර, ඔහු රැඳවුම් නියෝග මත ප්රශ්න කිරීමට නියමිතය.














