අපවත් වී වදාළ ශ්රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක අතිපූජ්ය කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමිපාණන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය ලබන 21 වැනිදා පස්වරු 4.00ට මහනුවර ගැටඹේ නාගරික ක්රීඩාංගණයේදී පැවැත්වීමට ආදාහන කමිටුව තීරණය කර තිබේ.
කලක් රෝගාතුරව සිටි උන්වහන්සේ මහනුවර පෞද්ගලික රෝහලක ප්රතිකාර ලබමින් සිටියදී අද උදෑසන අපවත් වූහ. අපවත්වන විට උන්වහන්සේ 96 වැනි වියේ පසුවූහ.
ශ්රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක ධුරය හෙබවූ කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමිපාණන් වහන්සේගේ දේහය පිළිබඳ අවසන් ආගමික කටයුතු එළැඹෙන 21 වැනිදා සිදුකිරීමට නියමිතය.














