ප්රබල අකුණු ඇතිවීමේ අවදානම සම්බන්ධයෙන් කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇති බවට වාර්තා වේ.
අදාළ නිවේදනය අනුව මධ්යම, සබරගමුව, උතුරු මැද, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වලට මෙන්ම කුරුණෑගල, යාපනය, වවුනියාව සහ මුලතිව් දිස්ත්රික්කවලට ද අවධානයෙන් පසුවන ලෙස දැනුම් දී තිබේ.
එම ප්රදේශවල ගිගුරුම් සහිත වැසි සමඟ ප්රබල අකුණු ඇතිවීමේ හැකියාව පවතින අතර, ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථාවල තාවකාලික තද සුළං ද ඇති විය හැකි බව සඳහන් වේ.
අකුණු අනතුරුවලින් ආරක්ෂා වීම සඳහා ගිගුරුම් සහිත වැසි පවතින විට ආරක්ෂිත ගොඩනැගිල්ලක් තුළ රැඳී සිටින ලෙසත්, ගස් යට හෝ විවෘත ස්ථානවල රැඳී නොසිටින ලෙසත් ජනතාවට උපදෙස් දෙනු ලැබේ. එමෙන්ම විදුලි උපකරණ සහ රැහැන් සහිත දුරකථන භාවිතයෙන් වැළකී සිටීම ද වැදගත් වේ.













