අලවතුගොඩ පොලිස් වසමට අයත් අකුරණ, කුරුගොඩ 7 කණුව අසල සිදුවූ බරපතළ මාරක රිය අනතුරක් හේතුවෙන් මහනුවර – මාතලේ ප්රධාන මාර්ගයේ ගමනාගමන කටයුතු කුරුගොඩ මංසන්ධියෙන් මුළුමනින්ම අවහිර වී ඇති බව අලවතුගොඩ පොලිසිය පවසයි.
වාහන 10ක් පමණ එකිනෙක ගැටීමෙන් සිදුවූ මෙම අනතුරින් පුද්ගලයින් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මේ වන විට අදාළ ප්රදේශයේ දැඩි වාහන තදබදයක් හටගෙන ඇති අතර, මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වී ඇති බැවින් එම මාර්ගයේ ගමන් ගන්නා රියදුරන්ට විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය ඉල්ලා සිටී.













