ශ්රී ලංකාවේ ඛනිජ අංශය වෙත ජපන් ආයෝජන ආකර්ෂණය කර ගැනීමේ අරමුණින් කර්මාන්ත හා ව්යවසායකත්ව සංවර්ධන අමාත්ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්රධානත්වයෙන් යුත් උසස් මට්ටමේ දූත පිරිසක් ජපානයේ සංචාරයක නිරත වී තිබේ.
ඔක්තෝබර් 13 සිට 16 දක්වා කාලය තුළ මෙම සංචාරය සිදු කර ඇති අතර, එහි ප්රධාන විශේෂස්ථානය ලෙස ටෝකියෝ නුවර ජපාන බාහිර වෙළඳ සංවිධාන (JETRO) මූලස්ථානයේදී ‘ශ්රී ලංකා – ජපාන ඛනිජ අංශ ප්රවර්ධන සම්මන්ත්රණය සහ ආයෝජක වටමේසා සාකච්ඡාව’ පැවැත්විණි. ග්රැෆයිට්, ඛනිජ වැලි සහ ක්වාර්ට්ස් ඇතුළු ඛනිජ සම්පත් සැකසුම්, තාක්ෂණ හුවමාරු සහ අගය එකතු කළ නිෂ්පාදන ප්රවර්ධනය කිරීම මෙහිදී අරමුණු වී ඇති අතර, 2030 වන විට ඇමරිකානු ඩොලර් බිලියන 36ක අපනයන ඉලක්කය කරා ළඟා වීමේ ජාතික වැඩපිළිවෙළට සහයෝගයක් ලෙස මෙම ව්යාපෘතිය ක්රියාත්මක වේ.
















