වැල්ලවාය – බණ්ඩාරවෙල මාර්ගයේ පිහිටි සුප්රකට රාවණා ඇල්ල මේ දිනවල පවතින කාලගුණික තත්ත්වයත් සමඟ ඉතා සුන්දර ලෙස ගලා බසින ආකාරය කැමරා කාචයේ සටහන් වී තිබේ.
ඌව පළාතේ බදුල්ල දිස්ත්රික්කයේ ඇල්ල ප්රදේශයේ පිහිටි මෙම ස්වාභාවික දිය ඇල්ල නැරඹීම සඳහා මේ දිනවල දෙස් විදෙස් සංචාරකයින් විශාල පිරිසක් පැමිණෙන බව වාර්තා වේ. ස්වාභාවික රම්යතාව මෙන්ම රාවණා රජු පිළිබඳ ජනප්රවාද නිසා ද විශේෂ ප්රසිද්ධියක් උසුලන මෙවැනි පරිසර පද්ධති අනාගත පරපුර උදෙසා සුරක්ෂිතව පවත්වා ගැනීම සැමගේ වගකීමක් බව පරිසරවේදීහු පෙන්වා දෙති.
















