හලාවත – කොළඹ ප්රධාන මාර්ගයේ වට්ටක්කල්ලිය ප්රදේශයේදී බීමත්ව රිය පැදවූ මෝටර් රථයක් තවත් වාහන දෙකක ගැටී මාර්ගය අසල සිටි මවක සහ දරුවෙකු යට කර බිහිසුණු අනතුරක් සිදු කර තිබේ.
අද (19) පස්වරු 4.30ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර, හලාවත පැවති අවමංගල්ය උත්සවයකට සහභාගී වී මුන්දලම බරලන්කට්ටුව දෙසට යමින් තිබූ මෝටර් රථයක් මෙලෙස අනතුරට මුහුණ දී ඇත. මුලින් තවත් මෝටර් රථයක සහ ටිපර් රථයක ගැටී ඇති එම රථය, පසුව මාර්ගයෙන් ඉවතට පැන මවක සහ දරුවෙකු යට කර හලාවත නගර නාම පුවරුවේ ගැටී නැවතී තිබේ. අනතුරින් තුවාල ලැබූ මව සහ දරුවා හලාවත මහ රෝහලට ඇතුළත් කර ඇති අතර, වෛද්ය පරීක්ෂණයකදී රියදුරු මත්පැන් පානය කර සිටි බව තහවුරු වී ඇත. රියදුරු සහ මෝටර් රථය හලාවත පොලිස් රථවාහන අංශය මඟින් අත්අඩංගුවට ගෙන වැඩිදුර පරීක්ෂණ පවත්වයි.














