ශ්රී ලංකාව සහ රුමේනියාව අතර ද්විපාර්ශ්වික සබඳතා, ආර්ථික සහයෝගීතාව සහ විදේශ රැකියා අවස්ථා පුළුල් කිරීමේ අරමුණින් විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්ය අමාත්ය අරුන් හේමචන්ද්ර මහතා ඔක්තෝබර් 20 සිට 26 දක්වා රුමේනියාවේ නිල සංචාරයක නිරත වීමට නියමිතය.
මෙම සංචාරයේදී දෙරට අතර හයවැනි වටයේ ද්විපාර්ශ්වික උපදේශන පැවැත්වෙන අතර, ශ්රම සහයෝගීතාව පිළිබඳ ඒකාබද්ධ ක්රියාකාරී කණ්ඩායමේ පළමු රැස්වීමට ද නියෝජ්ය අමාත්යවරයා සහභාගී වීමට නියමිතය. එහිදී ශ්රී ලාංකික ශ්රමිකයන් සඳහා නව රැකියා අවස්ථා පුළුල් කිරීම, ආරක්ෂිත බඳවා ගැනීමේ ක්රමවේද සහ ඔවුන්ගේ සුබසාධනය තහවුරු කිරීම පිළිබඳව විශේෂ අවධානය යොමු කෙරෙනු ඇත. බුකාරෙස්ට්, ටිමිෂෝආරා සහ අරාඩ් යන නගරවලදී රුමේනියානු රජයේ ජ්යෙෂ්ඨ නිලධාරීන් සහ ව්යාපාරික ප්රජාව හමුවී සාකච්ඡා පැවැත්වීමටත්, එරට වෙසෙන ශ්රී ලාංකික ප්රජාව හමුවී ඔවුන්ගේ ගැටලු සාකච්ඡා කිරීමටත් නියමිතය.














