2024 ජනවාරි මස 01 වැනිදා සිට වයස අවුරුදු 18 සම්පූර්ණ වූ සෑම පුරවැසියෙකුම බදු ගෙවන්නන් හඳුනාගැනීමේ අංකය (TIN) ලබාගත යුතු බවට 2023 වසරේදී ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් නන්දන කුමාර මහතා මේ බව සඳහන් කළේය. අද (19) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති 2025/2026 තක්සේරු වර්ෂයට අදාළ ආදායම් බදු වාර්තා භාරදීමේ අවසන් දිනය පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්ය හමුවට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය
කෙසේ වෙතත්, වයස අවුරුදු 18 සම්පූර්ණ වූ සෑම පුද්ගලයෙකුම TIN අංකයක් ලබාගත යුතු වුවද, එයින් සියලු දෙනාම ආදායම් බදු සඳහා ලියාපදිංචි විය යුතු බවට හෝ බදු ගෙවිය යුතු බවට අදහස් නොවන බව ඒ මහතා පැහැදිලි කළේය. වාර්ෂික ආදායම නිශ්චිත සීමාව ඉක්මවන පුද්ගලයන් පමණක් අදාළ නීතිමය අවශ්යතා අනුව ආදායම් බදු සඳහා ලියාපදිංචි විය යුතු අතර, එම සීමාවට වඩා අඩු පුද්ගලයන්ට තමන්ගේ තනි පුද්ගල ආදායම සම්බන්ධයෙන් සිදුකර ඇති ලියාපදිංචිය අවලංගු කරන ලෙස දිවුරුම් ප්රකාශයක් සමඟ ඉල්ලීමක් ඉදිරිපත් කළ හැකි බවද හෙතෙම සඳහන් කළේය. 2025/2026 තක්සේරු වර්ෂයට අදාළ ආදායම් බදු වාර්තා ප්රමාදයකින් තොරව ඉදිරිපත් කරමින් වගකිවයුතු පුරවැසියන් ලෙස තම යුතුකම ඉටු කරන ලෙසද ඔහු වැඩිදුරටත් ඉල්ලා සිටියේය.
















