සෞදි අරාබියේ මක්කා නගරයේදී බංග්ලාදේශ පුරවැසියන් දෙදෙනෙකුට මරණ දණ්ඩනය ක්රියාත්මක කර ඇත්තේ ඒ පිළිබඳව බංග්ලාදේශ බලධාරීන්ට කිසිදු පූර්ව දැනුම්දීමක් කිරීමකින් තොරව බව එරට රජය පවසයි.
ඔක්තෝබර් 14 වැනි දින මස්ජිදයක් තුළ සිදු කරන ලදැයි කියන “අසභ්ය ක්රියාවක්” සම්බන්ධයෙන් වරදකරුවන් වීමෙන් පසු මෙම පුරුෂයාට සහ කාන්තාවට මරණ දණ්ඩනය ක්රියාත්මක කර ඇති බව සෞදි අභ්යන්තර අමාත්යාංශය ප්රකාශ කළ ද, මරණ දණ්ඩනය ක්රියාත්මක වන තුරු බංග්ලාදේශ රජය ඒ බව දැනසිට නැත. මේ සම්බන්ධයෙන් සෞදි අරාබියෙන් නිල පැහැදිලි කිරීමක් ඉල්ලා ඇති බව බංග්ලාදේශ විදේශ කටයුතු රාජ්ය අමාත්ය ෂමා ඔබෙඩ් ඉස්ලාම් මහත්මිය සඳහන් කළ අතර, පසුගිය ඔක්තෝබර් 18 වැනි දින ඩාකාහි සෞදි තානාපතිවරයා කැඳවා ද මේ පිළිබඳව දැඩි අවධානය යොමු කර ඇත. මියගිය අයගේ මෘත දේහයන් නැවත බංග්ලාදේශයට ගෙන්වා ගැනීම ඇතුළු ඉදිරි පියවර සම්බන්ධයෙන් එරට රජය මේ වන විට සෞදි ප්රතිචාරය අපේක්ෂාවෙන් සිටී.
















