2026 සැප්තැම්බර් 30න් අවසන් වූ කාර්තුව සඳහා වන මූල්ය ප්රතිඵල නිකුත් කරමින් ලංකා IOC පීඑල්සී සමාගම සඳහන් කර ඇත්තේ, එම කාර්තුවේදී සමාගමේ බදු පසු ශුද්ධ ලාභය 67%කින් පහළ ගොස් ඇති බවයි.
පසුගිය ජූලි – සැප්තැම්බර් කාර්තුවේදී සමාගමේ ආදායම රුපියල් බිලියන 97.31ක් දක්වා 24%ක වර්ධනයක් පෙන්නුම් කළද, විකුණුම් පිරිවැය 46%කින් ඉහළ යාම හේතුවෙන් දළ ලාභය රුපියල් බිලියන 2.47ක් දක්වා පහළ ගොස් තිබේ. මෙහි ප්රතිඵලයක් ලෙස මෙම කාර්තුවේදී රුපියල් මිලියන 295ක මෙහෙයුම් අලාභයක් වාර්තා වී ඇති අතර, මූල්ය ආදායම මත පදනම්ව රුපියල් මිලියන 962ක බදු පසු ශුද්ධ ලාභයක් වාර්තා කිරීමට සමත් වී ඇත. කෙසේ වෙතත්, 2025 වසරේ අදාළ කාර්තුවේදී වාර්තා වූ රුපියල් බිලියන 2.95ක ශුද්ධ ලාභයට සාපේක්ෂව මෙම අගය 67%ක පහළ යාමක් වන අතර, 2026/27 මූල්ය වර්ෂයේ පළමු භාගයේ සමස්ත ශුද්ධ ලාභයද රුපියල් බිලියන 2.48ක් දක්වා 52%කින් පහළ ගොස් තිබේ.
















