පිළිකා ප්රතිකාර සඳහා වන ඖෂධ 137ක මිල 70%කින් පමණ අඩු කිරීමට ඉන්දියාව පියවර ගෙන ඇති අතර, රෝගීන්ට සහ ඔවුන්ගේ පවුල්වලට දැරීමට සිදුවන ආර්ථික බර ලිහිල් කිරීම මෙහි මූලික අරමුණ වී තිබේ.
ඉන්දියාවේ ජාතික ඖෂධ මිල නියම කිරීමේ අධිකාරියේ (NPPA) තීරණයකට අනුව අදාළ ඖෂධවල වෙළඳ ආන්තික (trade margins) 30%කට සීමා කරමින් මෙම නව මිල නියම කිරීමේ රෙගුලාසි එළඹෙන නොවැම්බර් 9 වැනි දින සිට ක්රියාත්මක වේ. පියයුරු, පුරස්ථ ග්රන්ථි, මහා බඩවැල්, ඩිම්බකෝෂ සහ ගර්භාෂ මුඛ පිළිකා ඇතුළු පිළිකා වර්ග 20කට අධික සංඛ්යාවක් සඳහා වන ප්රතිකාර මෙම වැඩසටහන යටතේ ආවරණය වන අතර, ඖෂධ සමාගම් සිය නිෂ්පාදන මට්ටම් අඛණ්ඩව පවත්වාගෙන යන ලෙසද බලධාරීන් උපදෙස් දී ඇත.
















