ශ්රී ලංකාවේ ප්රථම ඉන්සියුලින් නිෂ්පාදනාගාරයේ ඉදිකිරීම් සහ අදාළ අනුමත කිරීමේ ක්රියාවලීන් අවසන් වීමෙන් පසු, 2027 වසරේදී එහි නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව සෞඛ්ය සහ ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා ප්රකාශ කරයි.
ගාල්ල, කොග්ගල අපනයන සැකසුම් කලාපයේ ‘ප්රිමියම් ඉන්ටර්නැෂනල් ඉන්ජෙක්ටබල්’ (Premium International Injectable (Pvt) Ltd.) සමාගම විසින් රුපියල් බිලියන 3කට අධික ආයෝජනයකින් මෙම පහසුකමස්ථාපනය කර ඇති අතර, ඖෂධ ආනයනය මත රටේ යැපීම අඩු කර දේශීය ඖෂධ නිෂ්පාදනය ශක්තිමත් කිරීමේ සුවිශේෂී පියවරක් ලෙස මෙය සැලකේ. රාජ්ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව (SPMC) සමඟ ඒකාබද්ධ ව්යාපෘතියක් ලෙස ක්රියාත්මක වන මෙමඟින්, මුල් අදියරේදී ඉන්සියුලින් නිෂ්පාදනය කර පසුව නිර්වින්දන ඖෂධ, වේදනා නාಶක ඇතුළු ඖෂධ වර්ග 33ක් දක්වා නිෂ්පාදනය පුළුල් කිරීමට නියමිතව ඇත. මේ වන විට මෙරට රෝහල් පද්ධතියට අවශ්ය ඖෂධවලින් 85%ත් 90%ත් අතර ප්රමාණයක් ආනයනය කරනු ලබන අතර, දේශීය නිෂ්පාදන මඟින් විදේශ විනිමය ඉතිරි කර ගැනීමටත්, මාලදිවයින සහ නැගෙනහිර ටිමෝර් වැනි රටවලට ඖෂධ සැපයීම සඳහා සාකච්ඡා පවත්වමින් පවතින බවද අමාත්යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
















