අරමුදල් හිඟ වීම හේතුවෙන් ගාසා තීරයේ පලස්තීන වැසියන්ට ලබා දෙන ජීවිතාරක්ෂක ආධාර දැඩි ලෙස කප්පාදු කිරීමට එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහනට (WFP) බල කෙරී ඇති බව වාර්තා වේ.
මෙම අරමුදල් කප්පාදුව හේතුවෙන් WFP හරහා ආධාර ලබන සමස්ත ජනගහනය මිලියන 1.6 සිට මිලියන 1.1 දක්වා ආසන්න වශයෙන් තුනෙන් එකකින් පහත වැටෙනු ඇති අතර, ප්රජා මුළුතැන්ගෙයි හරහා දිනපතා සපයනු ලබන උණුසුම් ආහාර වේල් ප්රමාණය 250,000 සිට 150,000 දක්වා අඩු කෙරෙනු ඇත. ශීත ඍතුව ළඟා වෙමින් පවතින සහ ගාසා තීරයේ මිලියන 2.1 ක ජනගහනයෙන් තුනෙන් දෙකක්ම ආහාර ආධාර මත යැපෙන මොහොතක මෙම තීරණාත්මක කප්පාදුව ක්රියාත්මක වේ. 2026 වර්ෂය සඳහා පලස්තීන මෙහෙයුම් වෙනුවෙන් ලැබී ඇත්තේ පෙර වර්ෂවල ලැබුණු අරමුදල්වලින් අඩකටත් වඩා අඩු ප්රමාණයක් වන අතර, ඉදිරි මාස 6 සඳහා අත්යවශ්ය මෙහෙයුම් පවත්වාගෙන යාමට ඩොලර් මිලියන 450ක මුදලක් හදිසියේ අවශ්යව පවතින බව WFP හි පලස්තීන අධ්යක්ෂ ෂෝන් හියුස් පෙන්වා දෙයි.
















