මැලේසියාවේ ක්වාලාලම්පූර් සම්මේලන මධ්යස්ථානයේදී පැවැත්වුණු 6 වන Selangor Investment & Industrial Park EXPO (SPARK 2026) ප්රදර්ශනයේදී ශ්රී ලංකාවේ ආයෝජන හැකියාවන් සහ වහා ආයෝජනය කළ හැකි (Ready-To-Invest – RTI) ව්යාපෘති මාලාවක් සාර්ථකව ප්රදර්ශනය කර තිබේ.
මෙම ප්රදර්ශන කුටිය විවෘත කිරීමේ උත්සවය සෙලන්ගෝර්හි ඔටුන්න හිමි තෙන්කු අමීර් ෂා කුමරුන්ගේ සහ මැලේසියාවේ ශ්රී ලංකා මහ කොමසාරිස් දර්ශන එම්. පෙරේරා මහතාගේ ප්රධානත්වයෙන් පවත්වා ඇති අතර, ශ්රී ලංකා ආයෝජන මණ්ඩලයේ සහාය ඇතිව මැලේසියාවේ ශ්රී ලංකා මහ කොමසාරිස් කාර්යාංශය මඟින් ඊට එක්වී ඇත. බලශක්තිය, සංචාරක, තොරතුරු තාක්ෂණය, නිෂ්පාදන, කෘෂිකර්ම සහ නිශ්චල දේපළ ඇතුළු ක්ෂේත්ර රැසක ආයෝජන අවස්ථා මෙහිදී මැලේසියානු ආයෝජකයින්ට පෙන්වා දී ඇති අතර, ඉදිරියේදී පැවැත්වීමට නියමිත ‘Expo 2027’ පිළිබඳවද මෙහිදී ජාත්යන්තර අවධානය දිනා ගැනීමට කටයුතු කර තිබේ.
















