බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්යත්වයට පත් නොවිය යුතු බවට මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති. ආගමික වැඩසටහනක් අමතමින් උන්වහන්සේ මේ බව සඳහන් කර ඇත.
පාලකයන්ට රජකම හිමිවන්නේම බුද්ධ ශාසනයත් සම්බුද්ධ චීවරයත් ආරක්ෂා කරගැනීම උදෙසා බව පෙන්වා දෙන නාහිමියන්, වර්තමානයේ රට තුළ අසන්නට සහ දකින්නට ලැබෙන ඇතැම් සිදුවීම් පිළිබඳව බලවත් සංවේගයක් උපදින බවද ප්රකාශ කර තිබේ. රට පාලනය කළ යුත්තේ බෝසත් සිතුම් පැතුම් ඇති අය විසින් බවද උන්වහන්සේ වැඩිදුරටත් අවධාරණය කර ඇත.














