එංගලන්තයේ නොටින්හැම් නගර මධ්යයේදී පොලිස් නිලධාරියෙකුට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව නොටින්හැම්ෂයර් පොලිසිය සඳහන් කරයි.
නොටින්හැම්හි ඇන්ජල් රෝ ප්රදේශයේ බස් නැවතුමක සිටි සැකකරුවන් දෙදෙනෙකු පරීක්ෂා කිරීමට ගිය අවස්ථාවේදී මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර, වෙඩි වැදීමෙන් පාදයට තුවාල ලැබූ පොලිස් නිලධාරියා රෝහල්ගතව ප්රතිකාර ලබයි. ඔහුගේ තත්ත්වය මේ වන විට ස්ථාවර මට්ටමක පවතියි. මේ සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවලදී 27 සහ 25 හැවිරිදි කාන්තාවන් දෙදෙනෙකු සහ 24 හා 30 හැවිරිදි පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, බරපතල ශාරීරික හානි සිදුකිරීමට තැත් කිරීම, ගිනිඅවියක් ළඟ තබාගැනීම සහ අපරාධකරුවන්ට සහාය වීම යන චෝදනා යටතේ ඔවුන් සැක කෙරේ.














