2030 වන විට ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශීය සංචාරකයන් සංඛ්‍යාව මිලියන පහක් දක්වා ඉහළ නැංවීම රජයේ ප්‍රධාන ඉලක්කයක් බව විදේශ කටයුතු ඇමැති විජිත හේරත් මහතා පැවසීය. මීගමුවේ පැවති ගම්පහ දිස්ත්‍රික් සංචාරක ප්‍රවර්ධන උපාය මාර්ගික සැලැස්ම එළිදැක්වීමේ උත්සවයට එක්වෙමින් ඇමැතිවරයා මෙම අදහස් පළ කර ඇත.
මෙරට සංචාරක කර්මාන්තය තවදුරටත් ශක්තිමත් කිරීමට සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම අත්‍යවශ්‍ය බව පෙන්වා දුන් ඒ මහතා, ඒ සඳහා සංචාරක පොලිසියට පුළුල් බලතල ලබා දීමට සහ නව ව්‍යූහයක් යටතේ එය ස්ථාපිත කිරීමට අපේක්ෂා කරන බව සඳහන් කළේය. සංචාරකයන් වැඩි වශයෙන් ආకర్ෂණය කරගැනීමට නම් දේශපාලන හා ආර්ථික ස්ථාවරත්වය මෙන්ම සාමකාමී සමාජ පරිසරයක් පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය බවද හෙතෙම අවධාරණය කළේය. කර්මාන්ත නියෝජ්‍ය ඇමැති මහින්ද ජයසිංහ මහතා ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.













