මස්කෙළිය, සාමිමලේ ස්ට්රැත්ස්පි තේ වතුයායේ, ඕම්ඩේල් කොටසේ වතු මාර්ගය කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය කිරීමට මුල්ගල් තැබීම නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා නෝර්වුඩ් ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිනි ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වි මෙනෙවියගේ ප්‍රධානත්වයෙන් සිදු කර ඇත.
මධ්‍යම පළාත් මහා මාර්ග අමාත්‍යාංශය මඟින් ලබා දී ඇති රුපියල් ලක්ෂ 25ක මුදලක් යටතේ මෙම මාර්ගය සංවර්ධනය කෙරෙන අතර, වතු කම්කරු පවුල් 400ක පමණ පිරිසක් තම දෛනික කටයුතු සඳහා භාවිත කරන මෙම දුෂ්කර මාර්ගය සංවර්ධනය වීමෙන් තමන්ට විශාල පහසුවක් සැලසෙන බව ප්‍රදේශවාසීහු පවසති.














