කොළඹ ආනන්ද විද්යාලයීය ආදි ශිෂ්ය සංගමය විසින් යාපනය හින්දු විද්යාලයේ සිසුන්ගේ කියවීමේ පුරුදු සහ දැනුම වර්ධනය කිරීමේ අරමුණින් Sunday Observer පුවත්පත සඳහා දායකත්වයක් පිරිනමා තිබේ.
‘උතුරට නෑගම් 2026’ උත්සවය අතරතුර ආනන්ද විද්යාලය නියෝජනය කළ කණ්ඩායම් නායකයන් විසින් එම පුවත්පත් යාපනය හින්දු විද්යාලයේ කණ්ඩායම් නායකයන් වෙත නිල වශයෙන් භාර දෙනු ලැබීය.
සිසුන් අතර කියවීමේ පුරුදු වර්ධනය කිරීම, ජාතික හා ජාත්යන්තර සිදුවීම් පිළිබඳ දැනුම පුළුල් කිරීම සහ විචාරාත්මක චින්තනය හා භාෂා කුසලතා වර්ධනය කිරීම මෙම වැඩසටහනේ ප්රධාන අරමුණු වී තිබේ.
සිංහල හා දෙමළ සිසුන් අතර සංහිඳියාව සහ ජාතික සමගිය ශක්තිමත් කිරීමේ වැදගත් පියවරක් ලෙස ද මෙම පරිත්යාගය සැලකිය හැකිය. ක්රීඩා තරගකාරිත්වයෙන් ඔබ්බට ගොස් අධ්යාපනය හා දැනුම හුවමාරු කරගැනීම තුළින් පාසල් දෙක අතර මිත්රත්වය තවදුරටත් ශක්තිමත් කිරීම මෙහි විශේෂත්වයයි.














