රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ‘ත්රස්තවාදයෙන් රාජ්ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත’ අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම් අද (20) ශ්රේෂ්ඨාධිකරණය හමුවේ විභාගයට ගැනීමට නියමිතව තිබේ.
අදාළ පනත් කෙටුම්පතට එරෙහිව මේ වනවිට පෙත්සම් 22ක් ගොනු කර ඇති බව වාර්තා වේ.
අගවිනිසුරු ප්රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි සහ සම්පත් අබේකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් විභාගයට ගැනීමට නියමිතය.













