වාද්දූව පොලිස් වසමේ පොතුපිටිය වගුරු බිම් ප්රදේශයේදී ගෝඩා ලීටර් 2,715ක් (බැරල් 15ක්) සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (19) උදෑසන වාද්දූව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ වැටලීමකදී මෙම ගෝඩා තොගය සොයාගෙන ඇති අතර, එහිදී සැකකරු ද අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු 25 හැවිරිදි පොතුපිටිය ප්රදේශයේ පදිංචිකරුවෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් වාද්දූව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.














