කළුතර දකුණ පොලිස් වසමේ කොස්හේන ප්රදේශයේදී නීති විරෝධී මත්පැන් ලීටර් 78යි මිලිලීටර් 750ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (19) උදෑසන වලාන මධ්යම දූෂණ මර්දන ප්රහාරක ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මෙම මත්පැන් තොගය සොයාගෙන ඇති අතර, සැකකරු ද අත්අඩංගුවට ගෙන කළුතර දකුණ පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු 49 හැවිරිදි කොස්හේන ප්රදේශයේ පදිංචිකරුවෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් කළුතර දකුණ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.














