කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව විසින් ප්රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
අද (20) පෙරවරු 11.30ට නිකුත් කර ඇති මෙම නිවේදනය හෙට (21) අලුයම 1.30 දක්වා වලංගු වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ අනුව මධ්යම, සබරගමුව, උතුරු-මැද, නැගෙනහිර, උතුරු, ඌව සහ දකුණු පළාත්වලට මෙන්ම කුරුණෑගල දිස්ත්රික්කයට ද අදාළ වන පරිදි මෙම නිවේදනය නිකුත් කර ඇත. අදාළ ප්රදේශවල ගිගුරුම් සහිත වැසි සමඟ ප්රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින අතර, තාවකාලික තද සුළං ද ඇති විය හැකි බැවින් අකුණු අනතුරු අවම කරගැනීමට අවශ්ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.
















