විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ කාලය 2026 දෙසැම්බර් 16 වනදා දක්වා දීර්ඝ කර තිබේ.
ඊට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පසුගිය 17 වනදා නිකුත් කර ඇත.
ඒ අනුව, 2026 ඔක්තෝබර් 16 වනදායින් අවසන් වීමට නියමිතව තිබූ එම කොමිෂන් සභාවේ කාලය තවත් මාස දෙකකින් දීර්ඝ කර තිබේ.
1978 අංක 7 දරන විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා පනතේ විධිවිධාන යටතේ මෙම කොමිෂන් සභාව පිහිටුවා ඇත.
















