වාහන අංක තහඩු 650,000ක සහ රියදුරු බලපත්ර 450,000ක පවතින හිඟය ඉදිරි මාස හය තුළ අවසන් කිරීමට සැලසුම් කර තිබේ.
මෝටර් රථ ප්රවාහන කොමසාරිස් ජනරාල්, විශ්රාමික එයාර් වයිස් මාර්ෂල් තුෂාර ඉඳුනිල් ප්රනාන්දු මහතා මේ බව ප්රකාශ කර ඇත.
මීට අමතරව, යතුරුපැදි ලියාපදිංචි කිරීමේ සේවාව වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා දිස්ත්රික්ක පහක ලියාපදිංචි මධ්යස්ථාන පිහිටුවීමට ද මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
එහි පළමු මධ්යස්ථානය ගම්පහ දිස්ත්රික්කයේ ආරම්භ කර ඇති අතර, කුරුණෑගල, අනුරාධපුර, හම්බන්තොට සහ යාපනය යන දිස්ත්රික්කවල ද එවැනි මධ්යස්ථාන පිහිටුවීමට සැලසුම් කර ඇත.
පසුව මෙම ලියාපදිංචි කිරීමේ සේවාව අනෙකුත් වාහන කාණ්ඩ සඳහා ද ව්යාප්ත කිරීමට නියමිත බව ඔහු සඳහන් කර තිබේ. එමෙන්ම වාහන අංක තහඩුවල ගුණාත්මකභාවය පිළිබඳ ප්රමිතීන් සම්බන්ධයෙන් ද ඔහු අදහස් පළ කර ඇත.
















