2026/2027 වර්ෂය සඳහා ක්රියාත්මක සුරක්ෂා සිසු රක්ෂණාවරණ වැඩසටහනට නව ප්රතිලාභ රැසක් එක් කිරීමට අමාත්ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
ඒ අනුව, කර්ණශංඛ උපකරණ අලුත්වැඩියාව සඳහා රුපියල් 75,000ක් දක්වාත්, නිදන්ගත රෝග හේතුවෙන් දීර්ඝකාලීනව ඖෂධ ලබාගන්නා සිසුන් සඳහා රුපියල් 20,000ක් දක්වාත් ප්රතිලාභ ලබාදීමට නියමිතය.
එමෙන්ම, සමේ පිළිකා හඳුනාගැනීම ඇතුළු නම් කර ඇති විශේෂ රෝග පරීක්ෂණ සඳහා රුපියල් 20,000ක් දක්වා ප්රතිලාභ ලබාදීමට ද යෝජනා කර තිබේ.
අසාධ්ය රෝග කාණ්ඩය යටතේ පිළිකා ප්රතිකාර, ඊට අදාළ පරීක්ෂණ, PET Scan පරීක්ෂණ සහ හදිසි අනතුරු හේතුවෙන් සිදුකරන ඇතැම් සන්ධි ප්රතිස්ථාපන ශල්යකර්ම සඳහා වැයවන වියදම් ද ආවරණයට ඇතුළත් කර ඇත.
තවද, අධ්යාපන චාරිකා, ක්රීඩා උත්සව ඇතුළු අධ්යාපන අමාත්යාංශය යටතේ සංවිධානය කෙරෙන ක්රියාකාරකම් අතරතුර සිදුවන හදිසි අනතුරුවලින් සිසු ජීවිත හානි සිදුවුවහොත් රුපියල් 100,000ක ප්රතිලාභයක් ලබාදීමට ද ප්රතිපාදන සලසා තිබේ.
2026 සැප්තැම්බර් 1 සිට 2027 අගෝස්තු 31 දක්වා ක්රියාත්මක මෙම වැඩසටහනේ ප්රතිලාභ රජයේ පාසල්, රජයේ අනුමත පෞද්ගලික පාසල්, පිරිවෙන් සහ උපකෘත විශේෂ පාසල්වල ඉගෙනුම ලබන සිසුන්ට හිමිවේ.
















