බොරැල්ල මොඩෙල් ෆාම් හන්දියේ සිට ඩී.එස්. හන්දිය දෙසට කොළඹ නගරයට ඇතුළුවන මංතීරුවේ හදිසි මාර්ග අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් රථවාහන ගමනාගමනයට බාධා එල්ල වී තිබේ.
ඩී.එස්. සේනානායක මාවතේ ඩී.එස්. හන්දියට ආසන්න ප්රදේශයේ ජල නල පද්ධතියක හදිසි කාන්දුවක් අලුත්වැඩියා කිරීම සඳහා මාර්ගය කැණීම හේතුවෙන් මෙම තත්ත්වය ඇතිවී තිබෙන බව පොලීසිය සඳහන් කරයි.
ඒ අනුව, කොළඹට ඇතුළුවීමට අපේක්ෂා කරන රියැදුරන්ට මොඩෙල් ෆාම් හන්දියෙන් හැරී පරණ බුලස් පාර ඔස්සේ කනත්ත වටරවුම හරහා ගමන් කළ හැකිය. එසේම, ආයුර්වේද වටරවුමෙන් කොටා පාරට පිවිස බොරැල්ල හන්දිය ඔස්සේ ගමන් කිරීම ද විකල්පයක් ලෙස හඳුන්වා දී තිබේ.
රථවාහන තදබදය අවම කර ගැනීම සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය රියැදුරන්ගෙන් ඉල්ලා සිටියි.
















