මහනුවර – යාපනය ඒ-09 මාර්ගයේ අලවතුගොඩ පොලිස් වසමේ කුරුගොඩ 07 කණුව ප්රදේශය අද (21) උදෑසන 9.00 සිට මධ්යහ්න 12.00 දක්වා පැය තුනක කාලයක් තාවකාලිකව වසා තැබීමට නියමිතය.
2026 ඔක්තෝබර් 19 වැනිදා එම ප්රදේශයේ සිදුවූ මාරක රිය අනතුරට අදාළ ප්රයිමුවර් රථය සහ එහි ට්රේලරය එම ස්ථානයෙන් ඉවත් කිරීම සඳහා මෙම පියවර ගෙන තිබේ.
මාර්ගය වසා තැබෙන කාලය තුළ මහනුවර සිට මාතලේ දෙසට ගමන් කරන වාහන කටුගස්තොට, මඩවල, වත්තේගම, උකුවෙළ සහ ඇල්වල හරහා ඒ-09 මාර්ගයට පිවිසිය හැකිය.
මාතලේ සිට මහනුවර දෙසට ගමන් කරන බර වාහන ඇල්වල, උකුවෙළ, වත්තේගම, මඩවල සහ කටුගස්තොට හරහා ගමන් කළ හැකි අතර, සැහැල්ලු වාහන සඳහා අලවතුගොඩ, ඕවිස්ස, පූජාපිටිය සහ අඹතැන්න හරහා කටුගස්තොටට පිවිස මහනුවර දෙසට ගමන් කළ හැකි බව පොලිසිය දැනුම් දෙයි.
මාර්ගය වසා තැබෙන කාලය තුළ ඇතිවිය හැකි අපහසුතා අවම කර ගැනීම සඳහා අදාළ විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය රියදුරන්ගෙන් සහ මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
















