හැටන් නැෂනල් බැංකුව (HNB) සහ IDEAL Motors (පුද්ගලික) සමාගම එක්ව නව වාහන සහ ජනක යන්ත්ර මිලදී ගන්නා පාරිභෝගිකයන් වෙනුවෙන් ආකර්ෂණීය ලීසිං පහසුකම් සැලසීම සඳහා සහයෝගිතාවකට එළඹ තිබේ.
මෙම සහයෝගිතාව හරහා පාරිභෝගිකයන්ට නම්යශීලී ලීසිං පහසුකම්, විශේෂ පොලී අනුපාත, නොමිලේ පිරිනමන ජීවිත රක්ෂණ ආවරණ සහ HNB General Insurance වෙතින් විශේෂ වට්ටම් ඇතුළු ප්රතිලාභ රැසක් හිමිවනු ඇත.
HNB හි ජ්යෙෂ්ඨ උප සභාපති සහ පාරිභෝගික බැංකුකරණ ප්රධානී කාංචන කරුණාගම මහතා සඳහන් කළේ, IDEAL Motors සමඟ ඇති කරගත් මෙම සහයෝගිතාව මඟින් වාහන හා බලශක්ති ක්ෂේත්රයේ ආයෝජන පාරිභෝගිකයන්ට වඩාත් පහසුවෙන් ළඟා කරගැනීමට අවස්ථාව සැලසෙන බවයි.
මෙම වැඩසටහන යටතේ IDEAL Motors වෙතින් වාහන මිලදී ගන්නා පාරිභෝගිකයන්ට නොමිලේ වාහන ලියාපදිංචි කරදීම ඇතුළු විශේෂ ප්රතිලාභ ද හිමිවේ. එමෙන්ම Bolero Maxx Pik-Up, Alfa Plus Load Carrier, Mahindra Pik-Up Single Cab, Mahindra Pik-Up Double Cab සහ XUV 3XO යන වාහන මාදිලි සඳහා ද විශේෂ වට්ටම් පිරිනැමීමට නියමිතය.
IDEAL Motors සමාගමේ නීති හා ආයතනික කටයුතු පිළිබඳ අධ්යක්ෂිකා නිමීෂා වෙල්ගම මහත්මිය සඳහන් කළේ, HNB සමඟ ඇති කරගත් මෙම සහයෝගිතාව මඟින් පාරිභෝගිකයන්ට පහසු මූල්ය විසඳුම් ලබාදීමටත්, වාහන මිලදී ගැනීමේදී දිගුකාලීන වටිනාකමක් හිමිකර දීමටත් අපේක්ෂා කරන බවයි.
















