පාස්කු ප්රහාරය සම්බන්ධ විමර්ශනවලදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙතෙක් සැකකරුවෙකු ලෙස නම් කර නොමැති බැවින්, අවශ්ය වන්නේ නම් ඔහුගේ විදේශ ගමන් තහනම ඉවත් කිරීමට අදාළ පියවර ගන්නා ලෙස අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප් පීරිස් මහතා අධිකරණයට දැනුම්දී තිබෙනවා.
කොළඹ කොටුව මහේස්ත්රාත් පසාන් අමරසේන මහතා හමුවේ අද (21) අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී මෙම දැනුම්දීම සිදුකර තිබෙනවා. සිංගප්පූරුවේදී සිදුකළ ශල්යකර්මයකින් පසු වැඩිදුර ප්රතිකාර ලබාගැනීම සඳහා විදේශගත වීමට අවසර ඉල්ලා හිටපු ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් මෝෂන් පත්රයක් ඉදිරිපත් කර තිබූ බවද එහිදී සඳහන් වුණා.
එම ඉල්ලීම සම්බන්ධයෙන් මනුෂ්යත්වයට මුල්තැන දෙමින් සලකා බලන බව අතිරේක සොලිසිටර් ජනරාල්වරයා ප්රකාශ කර තිබෙනවා. එසේ වුවද, අදාළ මෝෂන් පත්රයේ පැවති අඩුපාඩු හේතුවෙන් අධිකරණ රෙජිස්ට්රාර්වරිය එය ප්රතික්ෂේප කර තිබූ බව මහේස්ත්රාත්වරයා අධිකරණය හමුවේ සඳහන් කළා.














