විද්යාත්මක දැනුම, සාක්ෂි මත පදනම් වූ වෛද්ය පිළිවෙත් සහ ඵලදායී මහජන සෞඛ්ය ප්රතිපත්ති හරහා මෙරට ජනතාවගේ සෞඛ්ය ආරක්ෂා කිරීම රජයේ ප්රමුඛ කැපවීමක් බවත්, එන්නත්කරණය නූතන වෛද්ය විද්යාවේ වඩාත් ඵලදායී හා කාර්යක්ෂම මහජන සෞඛ්ය මැදිහත්වීමක් බවත් සෞඛ්ය නියෝජ්ය අමාත්ය වෛද්ය හංසක විජේමුණි මහතා ප්රකාශ කර තිබෙනවා.
ශ්රී ලංකා වෛද්ය සංගමයේ (SLMA) බෝවන රෝග පිළිබඳ විශේෂඥ කමිටුව සම්පාදනය කළ “SLMA එන්නත් පිළිබඳ මාර්ගෝපදේශ සහ තොරතුරු” 9 වන සංස්කරණය එළිදැක්වීම වෙනුවෙන් ඔක්තෝබර් 19 වැනිදා පැවති උත්සවයට එක්වෙමින් නියෝජ්ය අමාත්යවරයා මේ බව සඳහන් කළා.
බෝවන රෝග වැළැක්වීම, රෝගාබාධ හා මරණ අවම කිරීම සහ අවදානමට ලක්විය හැකි ජනතාව ආරක්ෂා කිරීම සඳහා එන්නත්කරණය ලොව පුරා විශාල දායකත්වයක් ලබාදී ඇති බවද ඔහු පෙන්වා දී තිබෙනවා. 1978 වසරේදී ආරම්භ වූ මෙරට ජාතික ප්රතිශක්තිකරණ වැඩසටහන ජාතික සෞඛ්ය ක්ෂේත්රයේ වැදගත් ජයග්රහණයක් බවට පත්ව ඇති බවත්, එහි සාර්ථකත්වයට සෞඛ්ය වෘත්තිකයන්ගේ කැපවීම මෙන්ම ලෝක සෞඛ්ය සංවිධානයේ (WHO) සහ යුනිසෙෆ් (UNICEF) ආයතනවල සහායද දායක වී ඇති බවත් සඳහන්.
2001 වසරේදී පළමු සංස්කරණය නිකුත් කළ මෙම මාර්ගෝපදේශ ග්රන්ථයේ නවතම සංස්කරණය පරිච්ඡේද 41කින් සහ පිටු 498කින් සමන්විත වන අතර, ප්රමුඛ පෙළේ කතුවරුන් 33 දෙනෙකුගේ දායකත්වයෙන් සම්පාදනය කර තිබෙනවා.
මෙම අවස්ථාවට ශ්රී ලංකා වෛද්ය සංගමයේ නියෝජිතයන්, විශේෂඥ වෛද්යවරුන්, සෞඛ්ය වෘත්තිකයන් සහ WHO හා UNDP නියෝජිතයන් ඇතුළු පිරිසක් සහභාගී වී තිබෙනවා.














